• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

2021 වසරේදී Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81 ක දායකත්වයක්

4 October 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ 2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය.

එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats 2021 දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂ ශිව ශෛලේන්ද්‍රන් මහතා, Uber Eats හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්‍රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.

අග්‍රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආර්ථික බලපෑම් වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මෙම මූල්‍ය ඒකාග්‍රතා කාල පරිච්ඡේදය තුළ සර්ව ආර්ථික ස්ථාවරත්වයට නියාමන පරිසරයක් සැපයීම සඳහා ඔවුන් කටයුතු කරන බැවින් ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී හැරවුම් ලක්ෂ්‍යයක සිටින බවයි. එමෙන්ම Uber වැනි බහුජාතික සමාගම් ශ්‍රි ලාංකේය සමාජයට සම්බන්ධ වී, සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරමින් ජාතිය වැඩිදියුණු කිරීමට කරන කැපවීම ඔහු අගය කරන බවත් ඉදිරි වසර තුළදීත් ඔවුන්ගේ නොමසුරු දායකත්වය සමඟ අඛණ්ඩ සේවය රජය විසින් ඉහළින්ම බලාපොරොත්තු වන බවයි.

වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් Uber ආසියා පැසිෆික් කලාපීය රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා පැවසුවේ Uber ආයතනය 2015 සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී වැදගත් නියමුවෙක් වී සිටි නමුත් එම දායකත්වයේ සංඛ්‍යාත්මක ප්‍රමාණයක් පිළිබඳ ඔවුනට නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි. මෙම වාර්තාව මගින් රියදුරන්ට,බෙදාහැරීමේ හවුල්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ සමස්තයක් ලෙස ආර්ථිකයට ඇති බලපෑම පළමු වරට පෙන්නුම් කරන බවත් එමඟින් නම්‍යශීලී රැකියා අවස්ථා වල වැදගත්කම පෙන්වාදෙන බවයි. එමෙන්ම පුළුල් විකල්පයන් සහ ඉල්ලුම පදනම් කරගෙන සේවා සපයන නිසා එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වටිනාකමක් නිර්මාණය වී ඇති බවයි. අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව නිසා ශ්‍රී ලංකාවේ වර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට සහ ඔවුන්ගේ තාක්ෂණික ගෝලීය විශේෂඥතාව යෙදවීමට ඇති අරමුණ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන බවයි.

මෙම වාර්තාව මඟින් ආර්ථික දායකත්වය පිටුපස ඇති සාධක, ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව ගැඹුරින් සොයා බලයි. Uber සහ Uber Eats යන වේදිකා දෙකම වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වී ඇති ආකාරය, කාලය ඉතිරි කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, විකල්ප පරාසයක් සහ තෝරා ගැනීම් පහසු කිරීමේ යාන්ත්‍රණය, කුඩා ව්‍යාපාර සඳහා සහාය වීම සහ ශ්‍රී ලංකාවේ දහස් ගණන් රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා නම්‍යශීලී ඉපැයීම් අවස්ථා ලබා දුන් ආකාරය පෙන්වා දෙයි.

වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්:

ශ්‍රී ලංකා ආර්ථිකයට Uber ආයතනයේ දායකත්වය

● Uber සහ Uber Eats මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇස්තමේන්තුගත ශ්‍රී ලංකා රුපියල් බිලියන 81 කින් දායක වී ඇත.

● Uber (27 බිලියන ) සහ Uber Eats (25 බිලියන ) එක්ව 2021 දී ශ්රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3% ට සමාන වේ. වැඩි දියුණු කරන ලද කුඩා ව්‍යාපාර මගින් ඉල්ලුමට සරිලන සේවාව

● මෙම වේදිකා දෙක මගින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය නොමැති දේශීය ආපනශාලා සහ වෙළෙන්දන්ට සහාය වීමට දිරිගන්වන ලද අතර එමඟින් රුපියල් බිලියන 2.1 ක අමතර ආදායමක් ලබා ගැනීමෙන් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 51 ක දළ ආදායමක් නිර්මාණය කළේය.

● Uber Eats භාවිතා කරන්නන්ගෙන් 88%ක් ආහාර බෙදාහැරීමේ යෙදුම් (apps) මගින් නව අවන්හල් සොයා ගැනීම පහසු කර ඇති බව පවසයි.

● පරිශීලකයින්ගෙන් 74%ක් ඔවුන් පෙර කිසිදා ආහාර නොගත් අවන්හල්වලින් ඇණවුම් කර ඇත. රියදුරන් සහ බෙදාහැරීමේ පුද්ගලයින්ට නම්යශීලී වීම

● 2021 දී, Uber විසින් රියදුරන්ට වාර්ෂිකව අතිරේක රුපියල් මිලියන 775ක් උපයා ගැනීමට උපකාර වී ඇත. පාරිභෝගික හැසිරීම් මඟින් අවස්ථා නිර්මාණය

● පාරිභෝගික පහසුව සහ විශ්වාසනීයත්වයට ප්රමුඛත්වය ලබා දෙයි. Uber විසින් පැය මිලියන 3.7 කට වඩා වැඩි කාලයක් පාරිභෝගිකයාගේ සමීපතමයන් වෙනුවෙන් කාලය ඉතිරි කර දීමට ඇස්තමේන්තු කර ඇත.

● ඒ අනුව Uber පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සෑම ගමන්වාරයකදීම අවම වශයෙන් මිනිත්තු 9ක් ඉතිරි කර ගත හැක.

● Uber සහ Uber Eats එක්ව 2021 දී ශ්රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇත.

● Uber යෙදුම භාවිතයෙන් ප්රවාහන ගමන් මාර්ගය ලුහුබඳිය හැකි බැවින් පොදු ප්රවාහනයෙන් ඇති වන අවදානම් සහිත අවස්තා මගහරවා ගත හැක. එමෙන්ම Uber යෙදුම ඔස්සේ ගන්නා සෑම ගමන්වාර 7 න් 1 ක්ම පොදු ප්රවාහනය සමඟ සම්බන්ධ වේ.

● Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන සාධකයක් වන බව කාන්තා මගීන් 96%කගේ පොදු මතයකි.

● පහසු මෙන්ම පරිසර හිතකාමී ගමන් සේවාවන් නිසා පාරිභෝගිකයාගේ පුද්ගලික භාවිතයට මෝටර් රථයක් මිළ දී ගැනීමේ අවශ්යතාව යටපත් විය.

● ශ්‍රී ලංකාවේ මගීන්ට අනුව ඔවුන් පවසන්නේ පසුගිය වසර දහය තුළ ඔවුන් මුහුණ දුන් ප්‍රවාහනයේ වැදගත්ම දියුණුව වන්නේ Uber යෙදුම භාවිතයෙන් ගමනාගමනය පහසු වීම බවයි.
ක්‍රමවේදය ඇතුළුව සම්පූර්ණ වාර්තාව ඔබට මෙතැනින් කියවිය හැක.

ආර්ථික සුබසාධනයේ වැදගත්ම පියවරයන්ගෙන් එකක් වන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීමට ඔබ යමෙකුට ගෙවන මුදලයි. භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය ශුන්‍ය නම්, එයින් ඇඟවෙන්නේ අපට එය ගත හැකි හෝ අත්හැරිය හැකි බවයි. නමුත් ඉහළ පාරිභෝගික අතිරික්තයක් ඇති භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 

Post Views: 4
Previous Post

ක්‍රමෝපාය සංවර්ධන පනතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ

Next Post

ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved