ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සංවිධානය කරන ලද ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 පසුගිය දෙදින (13-14) බත්තරමුල්ල වෝටර්ස් එ්ජ් හෝටලයේ දී සාර්ථකව පැවැත්විනි .
මෙහි සමාප්ත අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වූ අතර මෙම ජාතික සම්මන්ත්‍රණය මෙවර පැවැත්වූයේ තෙවැනි වරටය. සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවයේ නියුතු පර්යේෂකයින්ගේ, පර්යේෂණ ඉදිරිපත් කිරීම හා ඒ පිළිබදව සාකච්ජා කිරීමට අවශ්‍ය වේදිකාව සලසා දීම මෙන්ම පර්යේෂණ සදහා සෞඛ්‍ය වෘත්තිකයින් නැඹුරු කිරීම හා දිරිමත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණයි.
දෙදින සම්මන්ත්‍රණයේ දී වාචිකව හා පෝස්ටර් පර්යේෂණ 245 ක් සාකච්ජාවට භාජනය කල අතර පර්යේෂණ 10 ක් හොදම පර්යේෂණ ලෙස නිර්දේශ විය. ඒ් අතුරින් පර්යේෂණ තුනක් හොදම පර්යේෂණ ලෙස තෝරාගනු ලැබීය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය අම්රික් සොහාල් මහතා (Prof. Amrik Sohal- Australia),සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා ) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සමින්ධි සමරකෝන්, යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ අංශයේ අධ්යක්ෂවරුන්, රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජන් වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.