• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට ලොව ඉහළම විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

13 March 2026
in දේශීය, පුවත්
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට ලොව ඉහළම විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අරමුණින්, 2024 අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිරිසකට ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (12) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන, හුදු ශිෂ්‍යත්ව ප්‍රදානයකට එහා ගිය රටේ ඉදිරි දැක්ම තීරණය කරන තීරණාත්මක ආයෝජනයක් බව ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ 2025 සිට 2033 දක්වා කාලය තුළ සිසුන් 200 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් වෙන් කර ඇත. මෙහි මූලික පියවර ලෙස තෝරාගත් සිසුන් 33 දෙනාගෙන් 9 දෙනෙකු මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම්වල (QS/THE/ARWU) මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී සිටිති.
ශිෂ්‍යත්වලාභී එක් සිසුවෙකු වෙනුවෙන් වසර හතරක උපාධි කාලය සඳහා රුපියල් මිලියන 80 ක් දක්වා වූ දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් රජය විසින් වෙන් කරනු ලබයි. සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයකින් යුත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර, ඔවුන් ලෝකයේ නව තාක්ෂණය සහ දැනුම මෙරටට ගෙන එන නව චින්තකයන් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
විදේශගත වන සිසුන්ට පැමිණිය හැකි දේශගුණික, සංස්කෘතික සහ මානසික බාධක ජය ගනිමින්, ශ්‍රී ලංකාව සමාජ පරිවර්තනයක් කරා රැගෙන යාමට හැකි ශක්තිමත් නායකයන් ලෙස පෙරළා මෙරටට පැමිණෙන ලෙස ඇය ඉල්ලා සිටියාය. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී තානාපති කාර්යාල හරහා සිසුන් වෙනුවෙන් පෙනී සිටීමට රජය සූදානම් බව ද ඇය වැඩිදුරටත් සහතික වූවාය. මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 6
Previous Post

යාපනයේ නීතිවිරෝධී ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා අලෙවි කළ වෙළෙඳසැල් වටලයි

Next Post

ඩුබායි නගර මධ්‍යයට ප්‍රහාරක සුන්බුන් පතිත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායි නගර මධ්‍යයට ප්‍රහාරක සුන්බුන් පතිත වෙයි

ඩුබායි නගර මධ්‍යයට ප්‍රහාරක සුන්බුන් පතිත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved