ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩව නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත ප්‍රතිසංස්කරණ මාවතකට අවතීර්ණ වෙමින් 2026 වසර පිළිගන්නා බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩ මගින් අවධාරණය කර තිබේ.
පසුගිය වසරේ (2025) අත්කරගත් සාර්ථකත්වයන් කිහිපයක් ජනාධිපතිවරයා මෙහි දී විශේෂයෙන් සඳහන් කළේය
1977වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනිම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ මෑත කාලයේ වාර්තා වූ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම 2025 වසරේ දී ලබාගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ බව ජනාධිපතිවරයා පවසයි.
මේ අතර ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින් නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.














