2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කරයි. මෙම ක්‍රියාවලිය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට එළැඹෙන මාර්තු මස 18 වනදා දක්වා කාලය ලබා දී තිබේ. යෝජිත ගාස්තු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට පෙර පාරිභෝගික අයිතීන් සහ මහජන මතය සැලකිල්ලට ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ලිඛිතව හෝ නියමිත ක්‍රමවේද ඔස්සේ කොමිෂන් සභාව වෙත අදහස් යොමු කළ හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.














