ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් මෙසේයි 👇
නව තීරු බදු ප්‍රතිපත්තියක්** හඳුන්වා දීමට ජාතික වෙළඳ කවුළුවක් පිහිටුවන බව සඳහන් කළා.
රටේ ණය ප්‍රතිශතය 95% ක ඉලක්කය වෙත ලඟා වී ඇති නිසා ණය ගෙවීම් ගැන කිසිවෙකු බිය විය යුතු නැති බව ජනාධිපතිවරයා පැවසුවා.
2028 වසරේදී ණය ගෙවීමට බැරි වෙනවා’ වැනි සාවද්‍ය ප්‍රකාශ ජනතාව තවදුරටත් විශ්වාස නොකරන්න’ යිද ඔහු අවධාරණය කළා.
2028 දී ඉන්නෙත් අපි, ණය ගෙවන්නෙත් අපි යනුවෙන්ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 760 කින් ඉහළ ගොස් ඇති බවද ඔහු අවධාරණය කළා.
අයවැය දේශනාව සජීවීව පවතින අතර, තවත් ප්‍රකාශ සහ තීරණ ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.













