ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ඉලක්කයක් කරා ගෙන යාම සඳහා වූ සවිස්තරාත්මක අපනයන සංවර්ධන සැලසුමක් මේ වන විට සකස් කරමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවට හඳුන්වා දීමට යෝජිත වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික කාබනික පාලන ඒකකය සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, එමගින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ’මහොනි (Theresa O’Mahony), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර උපදේශක ටොම් නිසෙට් (Tom Nizet) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














