ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි. ඒ මහතා ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් සිදුකළ බවයි.
නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය එම දෙදෙනා අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළද එයට එරෙහිව කරුණු දක්වා තමන් ද අධිකරණය හමුවට යන බව පෙරේරා මහතා පැවැසීය.
වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව ප්‍රකාශ වුවද, එම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව මොහාන් ද සිල්වා මහතා පැවසීම පිළිගත නොහැකි බවත් පසුගිය සඳුදා නිලවරණට නුසුදුස්සන්වීමේ ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යෑවූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
එමෙන්ම චෝදනාවලට අදාළව මොහාන් – රවීන් යන මහත්වරු එවා තිබූ ලිපි හා එහි අඩංගුව තිබූ කරුණු සැලකිල්ලට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කළ බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුවේ සංයුතිය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල බැවින් තීරණ සම්බන්ධ කිසිදු ගැටලුවක් පැන නොනගින බව ඒ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි.
ඒ මහතා ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් සිදුකළ බවයි.