බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් (Southampton) නගරයේදී 19 හැවිරිදි තරුණියක දූෂණය කිරීම ඇතුළු බරපතල චෝදනා කිහිපයක් යටතේ 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු හැම්ප්ෂයර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර යාපනයේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ වියාන් සුරේන්ද්‍රනාදන් (Viaan Surendranathan) නැමැති තරුණයෙකි. සවුත්හැම්ප්ටන් නගර මධ්‍යයේ පිහිටි පොලිගන් (Polygon) ප්‍රදේශයේ නිවසකදී පසුගිය පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා මෙම අපරාධය සිදුව ඇති බවට පොලිසියට වාර්තා වී ඇත.
සැකකරුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවලට අමතරව ‘A’ කාණ්ඩයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම පිළිබඳව ද චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයකි. ලිංගික ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයෙකු අඩපණ කිරීමේ හෝ සිහිමුර්ජා කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පොලිස් විමර්ශකයෝ සැක පළ කරති. සැකකාර තරුණයා සවුත්හැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇති අතර, අගතියට පත් 19 හැවිරිදි තරුණිය මේ වන විට පොලිස් ආරක්ෂාව සහ අවශ්‍ය සහයෝගය යටතේ පසුවන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














