පසුගිය දිනවල පැවති ධාරානිපාත වර්ෂාවත් එක්ක ඇතිවුණා ගංවතුර තත්වය ගැන අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.
මේ ගංවතුර අපේ රටේ අපේම ජනතවගේ ජිවිත,දේපළ උදුරා ගත්තේ හිත පිත් නැති විදිහට.
දැන් බොහෝ ප්‍රදේශවල ගංවතුර පහවෙලා ගිහින් තියෙන්නේ.
නමුත් තවමත් අවධානමේ අඩුවක් නැහැ.
ගංවතුරෙන් පස්සේ ඇතිවන ප්‍රධාන ගැටළුවක් තමයි මී උණ වගේ වසංගත පැතිරීම.
අද අපි කතා කරන්නේ පහසුවෙන් පැතිරෙන්න ඉඩ මි උණෙන් බේරෙන්නේ කොහොමද කියන එක ගැන.
මී උණ කියන්නේ ජලය මගින් බෝ වෙන රෝගයක්.
සතුන්ගෙන් සම්ප්‍රේෂණ වන රෝගයක් විදිහට තමයි මේක හැඳින්වෙන්නේ.
මීයන් , ගවයන් , ඌරන්, බල්ලන්ගේ වැනි සතුන්ගෙන් මී උණ බෝ වීම සිදු වෙනවා.
ජලය අපවිත්‍ර වීම හා සම්බන්ධ ස්වාභාවික විපත් වලින් පස්සේ මේ රෝග ව්‍යාප්තිය හිතාගන්න බැරි විදිහට පැතිරෙනවා.
මෙය ඇති කරන්නේ leptospira interrogans කියන සර්පිල හැඩති බැක්ටීරියා විශේෂය මගින්.
ශ්‍රී ලංකාව ලොව ඉහළම මී උණ බරක් ඇති රටවල් වලින් එකක්.
ශ්‍රී ලංකාව, නිවර්තන දේශගුණය, කුඹුරු යායවල්, අධික මීයන් ජනගහනය සහ පුනරාවර්තන මෝසම් ආශ්‍රිත ගංවතුර හේතුවෙන් රෝග ව්‍යාප්තියට වැඩිපුර ගොදුරු වෙනවා.
ගංවතුර ව්‍යවසනයේදී මේ බැක්ටීරියාව ආසාදිත සතුන්ගේ මුත්‍රා මගින් ජලය අපවිත්‍ර වීම සිදු වෙනවා.
එත් එක්කම මේ ජලය, ළිං සහ පානීය ජල මූලාශ්‍ර අපවිත්‍ර කරනවා.
එම ජලය මිනිස් සමේ ඇති ඉතා කුඩා සිරිමකින් පවා ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය අංශ පෙන්වලා දෙන්නේ.
ඇස්, නාසය හෝ මුඛය සමඟ ස්පර්ශ වීමෙන්ද මිනිසුන්ට මේ රෝගය බෝ වෙන්න පුළුවන්.
ගංවතුර හරහා ඇවිදීම,නිවාස සහ ළිං පිරිසිදු කිරීම,ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වීම,වී ගොවිතැන් නැවත ආරම්භ කිරීම අඩිය නිසා මී උණ වීමේ හැකියාව පවතිනවා.
අධික උණ,දරුණු මාංශ පේශි වේදනාව ඒ කියන්නේ විශේෂයෙන්ම දණහිසට පහළ කොටසේ සහ පහළ පිටුපස,හිසරදය , ඇස් රතු වීම ,ඔක්කාරය/වමනය වගේ රෝග ලක්ෂණ මි උණ වැළඳුණ පුද්ගලයෙකුට ඇතිවෙනවා.
කහ උණ,උග්‍ර වකුගඩු හානිය,රුධිර වහනය ,අධි රුධිර පීඩනය සහ කම්පනය ,ශ්වසන අපහසුතා , බහු-අවයව අක්‍රිය වීම වගේ රෝග ලක්ෂනත් මේත් සමඟ දැකගන්නට ලැබෙනවා.
මී උණ ඉහළ අවදානම් සහිත සෞඛ්‍ය සිදුවීමක් විදිහට වර්ගීකරණය කරලා තියෙනවා.
මි උණ රෝග ලක්ෂණ බොහෝ විට මුලින් ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ වෛරස් උණ අනුකරණය කරන බවක් තමයි දක්නට ලැබෙන්නේ.
මේ හේතුවෙන් රෝග විනිශ්චය ප්‍රමාද වෙන්න පුළුවන්.
නිසි ආකාරව ප්‍රතිකාර නොකළහොත් රෝගීන් මරණයට පත්වීමේ අවදානමක් පවතිනවා.
දුර්වල සනීපාරක්ෂාව සහිත ප්‍රජාවන් තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නත් පුළුවන්.
ව්‍යසනයන් අතරතුර නිරීක්ෂණ කටයුතු වල ඇති දුෂ්කරතා හේතුවෙනුත් මේ රෝගය උත්සන්න වීමේ අවධානමක් පවතිනවා.
මි උණ බෝ විය හැකි පරිසරයට නිරාවරණය වීම මෙම රෝගය වැළඳිම වළක්වා ගැනීමේ ප්‍රධාන කාරණයක් වෙනවා.
හැකි සෑම විටම ගංවතුර ජලයේ ඇවිදීමෙන් වැළකීමත් වැදහත්.
ගංවතුරට හසුවූ ස්ථාන පිරිසිදු කිරීමේදී හෝ ගොවිතැන් කිරීමේදී බූට්ස් සහ අත්වැසුම් පැළඳීමත් මෙම රෝගයෙන් වැළකීමට උපකාර වෙනවා.
ඒවගේම ඔබේ ශරීරයේ තුවාල සහ සීරීම් ඇත්නම් ඒවා ආවරණය කරගැනීමත් අත්‍යවශ්‍ය දෙයක්.
විශේෂයෙන්ම මෙම රෝගයෙන් වැළකීමට උණු කළ හෝ පිරිපහදු කළ ජලය පානය කරන්න ඕනේ.
අපදා තත්වයෙන් පසුව භාවිතයට පෙර ළිං විෂබීජහරණය කළ යුතුයි.
අපවිත්‍ර වූ ජල කඳන් වල ස්නානය කිරීමෙන් වැළකීමත් සිදු කල යුතු දෙයක්.
මම රෝග ව්‍යප්තියේදී ඉහළ අවදානම් කණ්ඩායම් සඳහා ඩොක්සිසයික්ලයින් භාවිතා කරන්න පුළුවන්.
ගොවීන්,ගලවා ගැනීමේ සේවකයින්,හමුදා නිලධාරීන්,නිතිපතා ගංවතුර ජලය හරහා ගමන් කරන පුද්ගලයින් සඳහා මෙම ඖෂදය මහජන සෞඛ්‍ය මඟ පෙන්වීම යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් ලබා ගන්න පුළුවන්.
ගර්භණී කාන්තාවන් , කිරිදෙන මව්වරුන් , අවුරුදු 8ට අඩු ළමුන් , අක්මා රෝග සහිත අය සඳහා මෙම ඩොක්සිසයික්ලයින් ඖෂධය ලබා දෙන්නේ නැහැ.
ඉතින් ඔබත් මේ වෙනකොට මි උණ වැළඳීමේ අවධානමක් සහිත පුද්ගලයෙක් බවට ඔබට සැකයක් ඇත්නම් අනිවාර්යයෙන්ම ඒ පිලිබඳ අවධානයෙන් පසු වෙන්න.
ඒ වගේම සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න.
ඔබේ නිවස හා අවට පරිසරය ආපදාවට පත්ව ඇත්නම් ඒවා පිරිසිදු කිරීමේදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න මතක තබා ගන්න.
මී උණ රෝග ලක්ෂණ මතුවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.













