යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියානු හමුදාව වෙනුවෙන් සටන් වැදුණු ශ්‍රී ලාංකිකයන් අවම වශයෙන් 275 දෙනෙකු මියගොස් ඇති බවට “Himal Southasian” සඟරාව සහ සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තා කිරීමේ ව්‍යාපෘතිය (OCCRP) මගින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. යුක්රේනයේ ‘යුද සිරකරුවන්ට සැලකීම සඳහා වූ සම්බන්ධීකරණ මූලස්ථානය’ මගින් ලබාදුන් දත්ත මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබේ.














