විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට රජය කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා අද (9) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.
ඔවුන් ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කරන්න බලාපොරොත්තු වන අතර ඔවුන්ට ලංකාවට ඒමට අවසර ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.