• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ සේවයේ පුරප්පාඩු සදහා 40ක් බඳවා ගන්නවා – ඇමැති අලි සබ්‍රි

18 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබද විමසා සිටි අවස්ථාවේදී ය.

විදේශ තානාපති කාර්යාල පිවිසුම් දොරටු ඉදිරිපිට බොහෝ ශ්‍රී ලාංකිකයන් උදේ සිට දහවල් වනතුරු දිගු පෝලිම්වල දක්නට ලැබීම පිළිබදව පැමිණ සිටි මන්ත්‍රීවරු කනස්සල්ල පළ කළහ. එය ප්‍රසන්න දසුනක් නොවන බවත් එම ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීම සදහාත් නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

තවද, අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලබන දෛනික කාර්යයන්වලට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මතු කරන විවිධ ගැටලු සහ එවැනි ජාත්‍යන්තර ගැටලුවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි ක්‍රමවේදයන් පිළිබඳව සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදේශ රටවල් සමඟ සම්බන්ධීකරණය කරමින් මූලික වැඩකටයුතු රැසක් සිය අමාත්‍යාංශය සිදු කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මහ සයුරේ අතරමංවූ ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු බේරා ගැනීම, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට එරට තානාපති කාර්යාලය හරහා ආධාර ලබා දීම පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු දක්වා සිටියේය. එසේම ලෝක සංචාරක සමුළුවේදී ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන, සුදත් මංජුල, සංජීව එදිරිමාන්න, වසන්ත යාපාබණ්ඩාර, චන්දිම වීරක්කොඩි සහ වීරසුමන වීරසිංහ යන මහත්වරු කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

 

Post Views: 7
Previous Post

සුරාබදු දෙපාර්තමේන්තුවට රසායනාගාරයක් – මුදල් රාජ්‍ය ඇමැති රංජිත්

Next Post

ඩයලොග් වෙතින් නොවැම්බරයේ Online ඇණවුම් සඳහා ආකර්ණීය දීමනා රැසක්

editor

editor

Next Post

ඩයලොග් වෙතින් නොවැම්බරයේ Online ඇණවුම් සඳහා ආකර්ණීය දීමනා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved