අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව නියමිත අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් සහ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී මෙතෙක් පැවති ක්‍රමවේදයන් වඩාත් විධිමත් කිරීම මෙහි මූලික අරමුණයි. මීට පෙර පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම පිණිස 2025 සැප්තැම්බර් 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව 2025 සැප්තැම්බර් 09 දිනැතිව අංක 27/2025 දරන අමාත්‍යාංශ චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත්, එම චක්‍රලේඛය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වී ඇති බැවින්, එම ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති මූලික සංශෝධනයන්ට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් මෙම නව පැහැදිලි චක්‍රලේඛ උපදෙස් මාලාව නිකුත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ.













