• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවිධිමත් ලෙස පරිසරයට බැහැර කල එන්නත් කුප්පි 5000 ක් සොයා ගැනේ

18 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහජන සෞඛ්‍යයට පීඩාවක් හා තර්ජනයක් වන අයුරින් කැකිරාව තෙළඹියගම වැව් ඉස්මත්තට ගෙනැවිත් දමා තිබූ රජයේ නිල මුද්‍රාව සහිත විවිධ එන්නත් කුප්පි 5000ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමටත්, පැය දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී ඒ සම්බන්ධ විමර්ශණ සිදුකර අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමටත්, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සමත් වූහ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමක් සිද්දියට අදාළ විමර්ශණ ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව කැකිරාව නගරාසන්නයේ ඇති තෙළඹියගම වැව් ඉස්මත ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් අණාරක්ෂිතව බැහැර කර තිබූ රජයේ නිළ ලාංඡනය සහිතව භාවිතා කළ එන්නත් කුප්පි 5000 (පන්දහසක) ක පමණ ප්‍රමාණයක් කැකිරාව සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා ගැණින. අදාළ කුප්පි තොගයෙන් බහුතරය ඒවායේ තිබූ කට වැස්ම ඉවත් කරන ලද ඒවා වන අතර, පළුදු වූ හා කැඩි ගිය ඒවා ද වෙයි. අලවා ඇති ලේබලය ඉවත් කිරීමට උත්සහ දරා ඇති එන්නත් කුප්පි ද ඒ අතර තිබි හමු විය. තවද එවැනි එන්නත් කුප්පිවලින් ගලවා ඉවත් කළ ලේබල දහස් ගණනක් ද එම ස්ථානයේ දමා ගොස් තිබූ අතර ඒවායින් කොටසක් ගිණී තබා විනාශ කිරීමට ද සැකකරුවන් උත්සහ දරා ඇති බවද එහිදී සිදුකළ ක්ෂේත්‍ර විමර්ශණයේදී සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගනු ලැබීය.

සිද්දිය සම්බන්ධයෙන් සිදුකළ මූලික ක්ෂේත්‍ර විමර්ශණයෙන් අණාවරණය කර ගත් තොරතුරු අනුව එම එන්නත් කුප්පි තොගය ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහලකින් බැහැර කරන ඒවා බවට මූලිකව අණාවරණය ගැණින. ඒ ඔස්සේ සිදුකරන ලද විමර්ශණයන් ඔස්සේ හෙළි කර ගත් තොරතුරු අනුව හා ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරු අනුව යමින් එම ස්ථානයට අදාළ එන්නත් කුප්පි තොගය බැහැර කළ බව කියන ව්‍යාපාරික ස්ථානයක් සම්බන්දයෙන් එම විමර්ශණ කණ්ඩායමේ අවධානය යොමු විය.

ඒ එම ස්ථානයට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි කලාවැව විජිතපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දේශීය ඖෂධ නිශ්පාදනාගාරයක් සම්බන්ධයෙනි.

ඒ අනුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා සිය විමර්ශණ කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යාමට කැකිරාව සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. සිදු කළ එම වටලෑමේදී ලේබල හා කට වැස්ම ඉවත් කිරීමට රැගෙනවිත් තිබූ රජයේ නිල ලාංඡනය සහිත එවැනි ආකාරයේ තවත් එන්නත් කුප්පි දහස් ගණනක් ද එම ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගැනීමට වටලෑම් නිලධාරීහු සමත් වූහ.

ලේබල හා කට වැස්ම ඉවත් කළ තවත් කුප්පි තොගයක් ද, එවැනි එන්නත් කුප්පිවලින් ගලවා ඉවත් කළ ලේබල හා කට වැසුම් දහස් ගණනක් ද එම ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගැනීමට ද එම විමර්ශණ නිලධාරීහු සිදු කළ වටලෑමේදී සමත් වූහ.

අදාළ කුප්පි වල ලේබල හා කට වැස්ම ඉවත් කිරීමේදී පළුදු වන හා ඔවුන්ගේ අවශ්‍යතාවයට නොගැලපෙන ප්‍රමාණයේ කුප්පි එම ස්ථායෙන් බැහැර කරන බවත්, ඒවා බැහැර කිරීම සඳහා අදාළ ව්‍යාපාරික ස්ථානයේ නිසි පහසුකම් නොමැති බවත්, ඒ අනුව, එම ස්ථානයෙන් බැහැර කෙරෙන එම එන්නත් කුප්පි අදාළ ව්‍යාපාරිකයා මෙලෙස බාහිර ස්ථානවලට අවිධිමත්ව බැහැර කරණ බව ද විමර්ශණ කටයුතු වල නිරත වූ සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර ගනු ලැබීය.

අදාළ ව්‍යාපාරිකයාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්ණ කිරීම් වලදී විමර්ශණ නිලධාරීන්ට අණාවරණය වූයේ අදාළ එන්නත් කුප්පි අනුරාධපුර ශික්ෂණ රෝහලේ භාවිතයෙන් පසුව බැහැර කරන ඒවා බවයි.

අනාවරණය කරගත් කරුණු අනුව මහජන සෞඛ්‍යයට පීඩාවක් වන අයුරින් කටයුතු කර ඇති එම සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දන්නවන දිනයේ අධීකරණය හමුවේ පෙනීසිටීමේ කොන්දේසිය මත රුපියල් පනස් දහසක ඇප බැඳුම්කරයක් මත මුදා හැරීමට සෞඛ්‍ය බලධාරීහු එහිදී කටයුතු කළහ.

සිද්දිය සම්බන්ධයෙන් වූ පැමිණීල්ල ලැබී පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් වූ විමර්ශණ සිදුකර අදාළ සැකකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට කැකිරාව සෞඛ්‍ය බලධාරීහු සමත්වීම ද මෙහි විශේෂත්වයකි.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ කැකිරාව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිශාන්ත කරුණාතිලක, කැකිරාව කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු රණසිංහ, රියදුරු කපිල තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු පිරිසක් අදාළ විමර්ශණ සිදුකරනු ලැබූහ.

සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව උතුරු මැද පලාත් සභාවේ 2017 අංක 02 දරණ මහජන පීඩා වැලක්වීමේ ප්‍රඥ්ඥප්තිය යටතේ චෝදනා ගොනු කර ලබන 19 වැනිදා කැකිරාව දිසා/මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද, මහජනතාවට පීඩාවක් ඇති වන ලෙස සැකකරු විසින් විවෘත පරිසරයට මුදා හැර ඇති එන්නත් කුප්පි තොගය අදාළ ව්‍යාපාරිකයාගේ පුද්ගලික වියදමෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගන්නා බවද කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ප්‍රදේශවාසීන් පැවැසූයේ මීට මාස කිහිපයකට ඉහතදී ද එම ස්ථානයට මෙලෙසම තවත් එන්නත් කුප්පි තොගයක් ද බැහැර කර තිබූ බවයි. කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා එම එන්නත් කුප්පි තොගය ද එම විමර්ශණ කටයුතු සඳහා කැකිරාව පොලිස් ස්ථානය භාරයට ගෙන තිබිණ. එම සැකකරුවන් ද අනාවරණය කර ගැනීම සඳහා කැකිරාව පොලිස් ස්ථානය ම̋ඟින් ද තවදුරටත් විමර්ශණ සිදුකරමින් සිටී.

අනුරාධපුර – තිසර

Post Views: 7
Previous Post

ජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි

Next Post

වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට – අමාත්‍ය ප්‍රසන්න

editor

editor

Next Post

වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට - අමාත්‍ය ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved