මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග රටවල් කරා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබෙනවා. ගුවන් පථයන්හි පවතින අනාරක්ෂිත බව සහ රක්ෂණ සමාගම් මඟින් පනවා ඇති සීමා කිරීම් මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර රියාද් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා විනාශ වීමත් සමඟ කලාපීය ගුවන් ගමන් පාලනය දැඩි කර ඇති අතර, මෙලෙස ගුවන් වාර අවලංගු වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සිටි පිරිස් සහ මෙරටට පැමිණීමට සිටි ලාංකිකයින් දහස් ගණනක් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.














