59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අද (09) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් පැමිණෙන ගොවි ජනතාව මහා කන්නයේ සිය අස්වැන්නේ මංගල කොටස මෙලෙස පූජා කර ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදු කෙරේ.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක මූලිකත්වයෙන් සංවිධානය කර තිබේ. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල ගොවි ජනතාවක් ද සහභාගී වීමට නියමිතය.














