මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ පාඩම ඉවත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය ඊයේ (06) සිය අනුමැතිය ලබාදුන් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම මොඩියුලය තවමත් පාසල් සිසුන් අතට පත්ව නොමැති අතර, එහි දෝෂ පවතින බව හඳුනාගත් වහාම එය බෙදා හැරීම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම වරද සිදුවූයේ කුමන මට්ටමකදීද සහ ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්වාධීන නීති රීති සහ පටිපාටිවලට අනුකූලව මෙම පරීක්ෂණ පවත්වන බවත්, කරුණු තහවුරු වූ පසු වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට රජය පසුබට නොවන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ කරුණු සැඟවීම නොව, එවැනි දෝෂයක් ඇති වීමට බලපෑ හේතු නිවැරදිව වටහා ගැනීමයි. එමඟින් අනාගතයේදී මෙවැනි අඩුපාඩු නැවත ඇති නොවීම සහතික කිරීම රජයේ අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.














