ඇෆ්ගනිස්ථානයට අද උදෑසන රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයන් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වනවා.
භූ කම්පනය හේතුවෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී තිබෙනවා.
පළමු භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන තත්ව 03ක් සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එම පසු කම්පන පිළිවෙලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක පැවතුණු බවද වාර්තා වනවා.