• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අක්කර 600 ක භූමි ප්‍රමාණයක වගා කටයුතු ඇරඹෙයි

30 August 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අක්කර 600 ක භූමි ප්‍රමාණයක කෙටිකාලීනව, මධ්‍ය කාලීනව, දීර්ඝ කාලීනව ඵලදාව නෙළා ගත හැකි ආහාර බෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් මිට මාස කිහිපයකට පෙර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් ආරම්භ කලෙය. 

ඒ,ස්වෙච්ඡා සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන (WFP, UNICEF, UNFPA, FAO), රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකරාශී කරගනිමිනි. 

මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරීමේදී කොළඹ මහ නගර සභාවට ONE ස්වෙච්චා වෘත්තීයවේදීන් කණ්ඩායම ඔවුන්ගේ දැනුම භාවිතා කර මෙම වගා ව්‍යාපෘතිය සංවිධානය කිරීමට කොළඹ මහ නගර සභාවට සංවිධාන ශක්තිය ලබා දී තිබේනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනී ” කොළඹ නගරයේ ජනගහනයෙන් සියයට 60 ක් පමණ අඩු ආදායම්ලාභීන් වන අතර, කොළඹ මහා නගර සභාවේ ඉලක්කය වනුයේ කඩිනම් වගා ව්‍යාපෘතිය මගින් නගරවාසීන් තම ගෙවතුවල, කාර්යාල භූමියේ සහ ඉඩ ඇති සෑම බිමකම අත්‍යවශ්‍ය ආහාර බෝග වගා කිරීමට දිරිමත් කිරීම සහ කොළඹ නගරය ස්වයංපෝෂිත නගරයක් බවට පත් කිරීමයි. මෙම ව්‍යපෘතිය යටතේ කොළඹ මහා නගර සභාවට අයත් විහාර මහා දේවි උද්‍යානය තුල, දිසා කාර්යාල තුල , පුස්ථකාලය තුල, ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුල සහ අනෙකුත් බොහෝ කාර්යාල වල ඉඩ කඩ ඇති සෑම ස්ථානයකම මේ වන විටත් වගා කටයුතු කර ඇති අතර ඒවායේ අස්වැන්නද මේ වන විටත් නෙලාගෙන තිබේනවා. කොළඹ මහ නගර සභා පුරහල භූමිය මහජනතාව නිතර ගැවසෙන ස්ථානයක් බැවින්, මහජනතාව වගා කටයුතු කෙරෙහි යොමු කිරීමටත්, ජනතාවට ආදර්ශයක් සැපයීමත් අරමුණු කර ගෙන නගර සභා භූමියෙන් කොටසක් කාගීල්ස් ආයතනයේ දායකත්වය මත, අද දින ආදර්ශවත් වගාවක් මෙලෙස සිදු කරනු ලබනවා. මෙම භූමිය තුළ වම්බටු, බෝංචි, මාලුමිරිස්, මිරිස්, තක්කාලි, කංකුන්, පිපිඤ්ඤා, ගෝවා ,බීට්රූට් වැනි එළවලු වර්ග සිටු වීම සිදුකරනු ලබනවා. මේම ව්‍යාපෘතිය සදහා කාගිල්ස් ආයතනය විසින් වසරකට රුපියල් මිලියන 1.5 ක පමණ මුදලක් වැය කරනු ලබන අතර මෙය ප්‍රජා සේවාවක් වශයෙන් ඔවුන් විසින් කරනු ලබනවා.

මෙම වගා කටයුතු වලින් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම කොළඹ නගරය තුල වෙසෙන දුගී දුප්පත් ජනතාවෙත පිසූ ආහාර ලබා දීමේ වැඩසටහනක් වන ප්‍රජා කුස්සිය (community Kitchen) වැඩසටහන වෙත සහ කොළඹ මහා නගර සභාවේ දීවා සුරකුම් මධ්‍යස්ථාන වලට වැඩිහිටි නිවාස වලට ලබා දීම සිදුකරනු ලබනවා. යුනිසෙෆ් සංවිධාවනය පවසන පරිදි මේ වන විට ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයට පැමිණ තිබේනවා. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යෑම ජනතාවගේ ආහාර වේලට මේ වන විට දරුණු ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. පෝෂදායී ආහාර වේලක් නොලැබීම සහ ආහාර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාර වේල මඟ හරිමින් සිටින බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දී තිබෙනවා. මම විශ්වාස කරනවා අද තියෙන ආර්ථික අර්බුදය විසඳන්න නම් මේ රටේ අර්බුදයක් ඇති කරපු හිටපු පාලකයින් ඒ අර්බුදය නිරාකරණය කරන්න වත්මන් ජනාධිපතිතුමාට, අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සහයෝගය ලබාදීය යුතුයි. මේ අවස්ථාවේදී අපි කිසිවිටෙකවත් අපේ දේශපාලන මතවාදය හෝ අපේ දේශපාලන පක්ෂය ආරක්ෂා කරගන්න හෝ අනාගතයේ අපි තෝරා පත් වෙයිද නැද්ද කියන එක ගැන හිතාගෙන අපි හෙට ගැන හිතාගෙන අද දවසේ ජනතාව අසීරු තත්ත්වයකට පත්කරනවා නම් ජනතාව මේ වගේ අගාධයකට ඇද දමනවානම් ජනතාව ගැන තැකීමකින් කටයුතු නොකරන්නේ නම් අපි දේශපාලනඥයෝ වෙලා වැඩක් නැහැ. මේ රටේ සියලු පක්ෂ එකතු වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුලින් රටේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගත යුතුයි. යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා කාගිල්ස් ආයතනය නියෝජනය කරමින් කාගිල්ස් කෘෂි සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ කීර්ති ගුණසේකර මහතා,හරිදාස් ප්‍රනාන්දු මහතා, චන්දිම ගුණතිලක මහතා, අර්ජුන කුමාරසිංහ මහතා, සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළුව අංශ ප්‍රධානීන්, නාගරික මන්ත්‍රීවරුන් මෙම අවස්ථා සදහා සහභාගී විය.

Post Views: 1
Previous Post

මාතලේ වගා හානිය උග්‍ර වෙයි

Next Post

හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

editor

editor

Next Post

හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved