• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

69 ලක්ෂය බලාපොරොත්තු වු ඉලක්කයට රට ගෙනයනවා – ඇමැති ප්‍රසන්න

26 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

69 ලක්ෂය බලාපොරොත්තු වු ඉලක්කයට රට ගෙන යාමට අපි තවදුරටත් ඇප කැපවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එම ජනවරම ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරන බවයි.

ජනතා ගැටළු විසදීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂය දන්නේ විවේචනය කිරීමට පමණක් බවත්, ඔවුන්ට රට ගොඩ ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ නව ජල සබඳතා ලබා දීමේ අවස්ථාවට ඊයේ (25) දින සහභාගී වෙමිනි. මෙම උත්සවය ගම්පහ, කලල්පිටිය ප්‍රදේශයේදී පැවැත්විණි.

පස්යාල ඇල්ලලමුල්ල, මුහන්දිරම්වත්ත සහ කලල්පිටිය ධාතුකන්ද ප්‍රදේශවල ප්‍රතිලාභී පවුල් සදහා නව ජල සබඳතා ලබාදීම මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හතරක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකියාව ලැබේ. මේ සදහා වැය කෙරෙන මුලු මුදල රුපියල් මිලියන 33,060 කි.

මෙම ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල, පස්යාල දක්වා නව ජල සබදතා 5,000 ක් ලබා දෙන අතර එහි දෙවන අදියර යටතේ නිට්ටඹුව, මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට හැකි වේ. මෙම ජල ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මස වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ. නව ජල සබඳතා ලබා දීමේදී ජනතාවට පහසු වන ආකාරයට වාරික 12 කින් මුදල් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ එවකට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා වු ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙනි. නමුත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව එහි කටයුතු අතරමග නතර කෙරිණ. යළි මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2021 වසරේදීයි.

ගම්පහ, අත්තනගල්ල – මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන මෙම ජල ව්‍යාපෘතිය යටතේ අත්තනගල්ල, මීරිගම, මිනුවන්ගොඩ, මහර සහ දොම්පේ ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ වාරිමාර්ග අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන මණ්ඩලය එක්වයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ වැඩ කරන මිනිස්සු ඉන්න දේශපාලන පක්ෂයක්. තමන්ගේ ගම දිහා බලන්න. ගමේ පාරක් හැදුවනම්, පානීය ජල ප්‍රශ්නවලට විසදුම් දුන්නා නම්, ගමට වැඩක් කරානම් ඒ පොහොට්ටුව විතරයි. අපේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගමේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු අයයි. අද කයිය ගහන අය ගැන හොයලා බලන්න. ඒ අය ගමට මොනවද කරලා තියෙන්නේ? ගමට වැඩ කරපු පිරිසක් ඉන්නේ අපේ පක්ෂය තුළයි. ඒ වගේම අපි මීනි මරලා නැති පක්ෂයක්. ඔබට මතක ඇති 71, 88,89. ඒ වගේම 83 කළු ජූලිය. ඒ කාලයේ ආණ්ඩුවත්, අරගලකරුවොත් මිනීමරා ගත්තා. අපි කවදාවත් එහෙම කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් තිබ්බා අරගලයට වෙඩි තියන්න. නමුත් එහෙම කරේ නැහැ. ඒකයි මම කිවුවේ අපේ පක්ෂය මිනී මරලා නෑ කියලා. පසුගිය සමයේ රට තුළ ඇති වුනු අරගලයට ගිය අය මෙතනත් ඇති. ඒ මිනිස්සු ඒකට ගියේ ආර්ථික අපහසුතාවය නිසයි. අපි ඒකට දොස් කියන්නේ නැහැ. අපිටත් ඒ අපහසුතාවය තිබුණා. සාමකාමී විදිහට අරගල කරලා ඒ මිනිස්සු ආවේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. ඔවුන් ඉල්ලුවේ තමන්ගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න කියලා ආණ්ඩුවට කියන්නයි. මේ ආර්ථික අර්බුදය වසරකික් දෙකකින් වුණු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ, කුඩුකාරයෝ සහ රාජපක්ෂලාව දේශපාලනයෙන් ඉවත් කරන්න අවශ්‍ය මිනිස්සු අරගලය කිඩ්නැප් කරා. ඔවුන් ඒවාට මැදිහත් වුණා. වියදම් කරා. ඔවුන් අරගලය ඔවුන්ගේ අතට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි මිනිස්සු එකතු වෙලා අරගලයේ නාමයෙන් අපේ මන්ත්‍රීවරුන්ට ගැහුවා. මන්ත්‍රීවරුන් මැරුවා. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ දේවල් කරේ සංවිධානාත්මකවයි. 225 එකයි නම් හැම කෙනාටම එහෙම කරන්න තිබ්බා. නමුත් ඔවුන් එහෙම කරේ නැහැ. කුණාටු එනවා. පොල් ගස් නැමෙනවා. ආපහු කෙලින් වෙනවා. අපිත් ඒ වගේ තමයි. මීට වසරකට කලින් මිනිස්සු තෙල් පෝලිම්වල හිටියා. පැය 7-8 විදුලිය කැපුවා. ගෑස් ටික නැති වුණා. ඒවා අපි අමතක කරන්නේ නැහැ. ඒවා අපිට මතකයි. නමුත් මේ වසරක කාලය තුළ ආර්ථිකය කළමණාකරණය කිරීම හරහා අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා එම තත්ත්වයෙන් රට මුදා ගෙන නිවැරදි මාවතට ගන්න. ඒ සදහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටිනවා. රටට සංචාරකයින් පැමිණෙන විට සංචාරකයින් ගැවසෙන් තැන්වලට ගිහින් අරගල, උද්ඝෝෂණ කරනවා. ඔවුන්ට අවශ්‍ය මේ ආර්ථිකය කඩා වට්ටන්න. අද ගුරුවරුන් වැඩ වර්ජන කරනවා, දරුවන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන. කොළඹ ලොකු ලොකු අයගේ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවලයි. නැත්නම් පෞද්ගලික පාසල්වලයි. ඒ ළමයින්ට ටියුෂන් කරන්නේ මේ ගුරුවරුන්ම තමයි. ඒවා නතර කරන්නේ නැහැ. නමුත් ගමේ අහිංසක දරුවන්ට උගන්නන්නේ නැතුව උද්ඝෝෂණ කරනවා. අවුරුදු ගාණකට පාසලකට ගිහින් ළමයින්ට උගන්නපු නැති අය, දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩකරන අය දරුවෝ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගෙන තියෙනවා. එතකොට ඒ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩ වෙන්නේ නැද්ද? ඒවට විරුද්ධව තදින් කටයුතු කරන්න ඕනි. අපි පසුගිය කාලයේ වරද්ද ගත්ත තැන් නිවැරදි කරගන්න අවශ්‍යයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඕනි. පසුගිය වසරේ පෙබරවාරි වන විට එය නැති වුණා. පොලීසියේ අයට ගැහුවා. ඔවුන්ට වැඩ කරගන්න බැරි වුණා. රට තුළ සාමය හා නීතිය නැති වුණා. අද රට තුළ සාමය හා නීතිය ස්ථාපිත කර තිබෙනවා. ඊට පස්සේ ආර්ථික අර්බුදය විසදගන්න ඕනි. ඒ සදහා අපි කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා රජයක් ලෙස අපි තද තීන්දු ගත යුතුයි. මට මතකයි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ නායක හාමුදුරුවෝ කිව්වේ හිට්ලර් කෙනෙක් වෙන්න කියලා. හිට්ලර් වෙන්නම ඕනි නැහැ අවශ්‍ය තීන්දු අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි.
අද කයිය ගහන ඇතැම් දේශපාලන පක්ෂවල නායකයින්ගේ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල. අනුර කුමාර මහත්තයගේ පුතා හිටියේ මිහින් ලංකා එකේ. මහින්ද රාජපක්ෂ මහත්තයා සමග ඩීල් දාලා ශ්‍රී ලන්කන් එකට පුතා දැම්මා. දැන් ඔහුගේ පුතා ඉන්නේ පිටරට. එහෙම කරපු එයා ගමේ දරුවෝ පාරට බස්සන්න කටයුතු කරනවා. ඒවට මුහුණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් අද හදලා තියෙනවා. මම තරම් රනිල් මහත්තයට බැනපු, විවේචනය කරපු කෙනෙක් නැහැ. නමුත් රට ගැන හිතලා අපි පක්ෂය දෙවැනි තැනට දැම්මා. රටේ ආර්ථික අර්බුදය ආපු වෙලාවේ ඒ අභියෝගය අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස භාර ගත්තේ නැහැ. ඒ අය හැමදාම පාර්ලිමේන්තුවේ ගිරව් වගේ කෑ ගහනවා විතරයි. මේ අය තානාපතිවරු හම්බවෙලා අයි.එම්.එෆ් දෙන්න එපා කියලා කිව්වා. නමුත් ඒ තානාපතිවරු කිවුවා එහෙම කරන්න බෑ අපට දේශපාලනයක් නැහැ කියලා. එහෙම නම් තද කොන්දේසි දාන්න කිවුවා. කොන්දේසි දාන්නේ කාටද? වෙන කාටවත් නෙමෙයි ඒ රටේ ජනතාවටයි. අපි රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව උදව් කරේ රටේ අභියෝගය භාරගත්ත නායකයා නිසයි. වසරක් ඇතුලත එතුමා ඒක කරලා පෙන්නුවා. ඉදිරියේදී 69 ලක්ෂය බලාපොරොත්තු වු ඉලක්කයට රට ගෙන යන්න අපි ඇප කැපවෙලා කටයුතු කරනවා” යනුවෙන්ද පැවසීය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සන්ධ්‍යා සිරිවර්ධන, ජනක කුරුප්පු, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 2
Previous Post

ගජමුතු සමග අධිකරණ සේවකයින් දෙදනෙකු ඇතුලු පහක් මාතලේ දි අත්අඩංගුවට

Next Post

මහ බලවතුන්ගේ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු – අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට බාධාවක් විය නොහැකියි – ජනපති

editor

editor

Next Post

මහ බලවතුන්ගේ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු - අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට බාධාවක් විය නොහැකියි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved