නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකගින්නක් හටගෙන තිබෙනවා.
නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබෙනවා.
පස් වන මහලේ මෙම ගින්න හටගෙන තිබුනු අතර ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදා ගැනිම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වුණා.
කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙනවා.














