කහතුඩුව–වෑතර දිසා රෝහලේ 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි සැකපිට 40 හැවිරිදි වෛද්‍යවරයෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරයෙකුයි.
පොලිස් වාර්තා අනුව, පැමිණිලිකාර කාන්තාව පසුගිය 12 වනදා රෝග ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණ තිබෙනවා.
ඉන් අනතුරුව වෛද්‍ය උපදෙස්ට අනුව මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කර 19 වනදා නැවත ප්‍රතිකාර සඳහා පැමිණිය යුතු බවට පවසා තිබෙනවා.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ, එදින ප්‍රතිකාර සැපයීමට බාහිර රෝගී අංශයේ සිටින්නේ වෛද්‍යවරියක බවත් ඇය විසින් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීම සිදුකර ඇති බවයි.
නමුත් පෙර උපදෙස් ලබාදුන් සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර දි එය නතර කර පැමිණිලිකාරිය ළඟ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරීක්ෂා කළ අතර, ඇයව තමන් විසින් පරීක්ෂා කළ යුතු බව පවසා තිබෙනවා.
එහි දී පැමිණිලිකාරිය පවසා සිටින්නේ තමා කාන්තා නිලධාරිනියන් නොමැති කාමරයකට ගෙන ගොස් ලිංගික අතවර සිදු කල බවයි.













