උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිවේදනවල සදහන් වන්නේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
සබරගමුව, දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් පමණක් ඇති වන බවත් එම නිවේදනවල සදහන්.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ක පමණ වේගයෙන් හමන සුළං ඇතිවිය හැකියි.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ ඉඩකඩ පවතින එබැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙන්නේ.














