අම්පාර, පානම ප්‍රදේශයේ පානම වැව ආසන්නයේදී සිදුවූ වනඅලි ප්‍රහාරයකින් වයස අවුරුදු 71ක් වූ පිරිමි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා පානම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය තහවුරු කරයි.
මූලික විමර්ශනවලට අනුව, අදාළ පුද්ගලයා දිය නෑම සඳහා පානම වැවට ගොස් නැවත සිය ගොවිතැන් කටයුතු සිදුකරන වාඩිය බලා එමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
වනඅලි සහ මිනිස් ගැටුම තීව්‍ර වෙමින් පවතින පසුබිමක මෙවැනි සිදුවීම් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි භීතියක් සහ කනස්සල්ලක් ඇති කිරීමට හේතු වී ඇත. පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, වනජීවී නිලධාරීන් ද මේ පිළිබඳව දැනුවත් කර තිබේ. වනපෙත් ආශ්‍රිතව ගොවිතැන් කටයුතුවල නිරත වන ජනතාවට වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.














