ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් සමරු උළෙල මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උළෙල අභිමානවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරවලදී කොළඹ ගාලු මුවදොර පිටියේදී නිදහස් උළෙල පැවැත්වීමට කටයුතු කළ ද, මෙවර එය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත. 1948 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම සනිටුහන් කරමින් ඉදි කරන ලද නිදහස් චතුරස්‍රය, ජාතික නිදහස පිළිබඳ සංකේතයක් ලෙස ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වේ.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීම, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලි මෙන්ම සංස්කෘතික අංග රැසක් උළෙලට ඇතුළත් කිරීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබේ. මේ සඳහා අවශ්‍ය මූලික සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, උළෙල නිමිත්තෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.














