ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, මෙම රැඳවියන් පිරිස හෙට (04) දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇති බවයි. බන්ධනාගාරගතව සිටින සිරකරුවන් ගෙවන ලද සෑම වසරකටම සති එකක සමාවක් ප්‍රදානය කිරීම සහ රුපියල් 75,000 ට අඩු දඩ මුදල් ගෙවීමට නොහැකිව සිරදඬුවම් විඳින පිරිස්වල ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම යන කොන්දේසි මත මෙම විශේෂ සමාව හිමිව ඇත.














