8 September 2024
#දේශීය

ඉන්දිය පොහොර අස්සේ කෝටි 800 වංචාවක් – හිටපු ඇමැති පාඨලි

ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී රුපියල් කෝටි 800 ක පමණ වංචාවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නැනෝ යුරියා නමින් හඳුන්වන IFFCO ලීටරයක නියම මිල ඩොලර් 7.74 ක් බවත් එහි මිල ලිටරයකට ඩොලර් 25 ලෙස වෙනස් කර ඇත්තේ මහින්දානන්ද සහ ශෂේන්ද්‍ර යන අමාත්‍යවරුන් බව හෙතෙම පැවසිය‍.

ඒ අනුව නැනෝ යුරියා ගනුදෙනුවෙන් පමණක් හොරකම් කරන ගාණ කොපමණද  නීති විරෝධි ක්‍රමයට හොරකම් කරන ගාණ ආසන්නයෙන් කෝටි 800ක් බවත් එය මිලියන 8000ක් බව පාඨලි මන්ත්‍රීවරයා අනාවරණ කලේය.

දස ලක්ෂයක් ගොවි මහත්වරුන්ගේ පවුල්වලට රුපියල් 8000 ගණනේ ලබා දීමට හැකියාව තිබු නමුත් කෝටි 800ක් කොල්ල කන බව ඔහු අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *