ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධතියේ (A සහ B ශ්‍රේණියේ) 75%ක් පමණ වන මහාමාර්ග ජාලයක වටිනාකම තවමත් මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවලට (Balance Sheet) ඇතුළත් කර නොමැති බව විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවකින් හෙළි වී තිබේ. රජයේ වත්කම් නිවැරදිව තක්සේරු කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මෙය විශාල බාධාවක් වී ඇති බව එහි සඳහන් වේ.














