ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වසනීයම සෞඛ්‍ය ප්‍රදර්ශනයක් වන ‘Medicare 2026’ සෞඛ්‍ය සහ සුවතා ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ අංශය හෙවත් SLICGL (Sri Lanka Insurance Corporation General Ltd) කටයුතු කර තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු 10,000කට අධික පිරිසක් සහභාගී වුණා
අනපේක්ෂිත රෝගාබාධ හෝ අනතුරු නිසා සිදුවන දැවැන්ත වෛද්‍ය වියදම් හමුවේ පවුල්වල ආර්ථිකය කඩා වැටීම වැළැක්වීම සහ සාධාරණ මිලකට ලබාගත හැකි විශ්වසනීය සෞඛ්‍ය රක්ෂණාවරණ ජනතාව අතරට ගෙනයාම SLICGL හි ප්‍රධාන අරමුණයි
මෙම ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ ප්‍රධානතම සෞඛ්‍ය රක්ෂණ සැලසුම් ද්විත්වයක් වන ‘Mediplus’ සහ ‘Medi60’ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරුණා. එහිදී:
Mediplus සැලසුම සකස් කර ඇත්තේ පුළුල් වෛද්‍ය ආරක්ෂාවක් අපේක්ෂා කරන පුද්ගලයන් සහ පවුල් වෙනුවෙනි.
Medi60 සැලසුම විශේෂයෙන්ම වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම වෙන් කර ඇත.














