පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හෝමාගම කලාප අංක 02ට අයත් ප්‍රදේශ කිහිපයකට අද (07) දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ජල කප්පාදුව අද පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත සහ අතුරුගිරිය පාර යන ප්‍රදේශවලට බලපෑම් එල්ල වේ. මීට අමතරව ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවලටද නියමිත කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත. ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ජලය කල්තියා සුදානම් කරගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
















