කළුතර දකුණ පොලිස් වසමේ කළුතර ලංගම ඩිපෝව අසලදී ඊයේ (08) දහවල් කාලයේ සිදු කළ විශේෂ වැටලීමකදී, රුපියල් ලක්ෂ 35කට විකිණීමට සූදානම් කර තිබූ සංරක්ෂිත දුර්ලභ මුහුදු බෙල්ලෙකුගේ කවචයක් (සාගමපුරියක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අතිශය දුර්ලභ සාගමපුරිය බෙල්ලන් වැනි ජලජ ජීවීන් දඩයම් කිරීම සහ ළඟ තබා ගැනීම නීතියෙන් දැඩි ලෙස තහනම් කර ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.














