හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ලබා දුන් කාලසීමාව අවසන් වෙමින් පවතින පසුබිමක, ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීමට එරට වැසියන් මිලියන 14ක් දිවි පිදීමට සූදානමින් ඉදිරිපත් වී ඇති බව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන ලද ප්‍රහාරාත්මක තර්ජන හමුවේ, බලාගාර සහ පාලම් වටා මිනිස් දම්වැල් සාදමින් ජනතාව එක්රොක් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර රැසක ජනතාව ජාතික ධජ අතැතිව මෙලෙස රැස්ව සිටින්නේ රටේ ප්‍රාග්ධනය ලෙස සැලකෙන විදුලි බලාගාර විනාශ කිරීම වැළැක්වීමට බවයි. මෙම දැවැන්ත ජනතා පෙළගැස්ම “ජාතික වගකීමක්” ලෙස ඉරාන රජය හඳුන්වා දී තිබේ.
















