ගණේමුල්ල, බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබූ යතුරුපැදියක්, කිරුම් මිනුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරු වෙත ලැබීමට සලස්වා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














