ඇමරිකාව සහ ඉරානය අතර හෙට පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා පිළිබඳ අවිනිශ්චිතතාවය සහ අද දින නිකුත් වීමට නියමිත ඇමරිකානු උද්ධමන වාර්තාවන් (PCE) හමුවේ ලෝක වෙළඳපොළේ රන් මිල අද ස්ථාවර මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද උදෑසන වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4,713.79 ක අගයක පැවති අතර ආයෝජකයන් ඉදිරි දේශපාලන තීරණ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරාන යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට රන් මිල 10% කින් පමණ පහත වැටී ඇති බවයි. ඊශ්‍රායලය විසින් ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. රන් මිලට අමතරව රිදී මිල ද අවුන්සයකට ඩොලර් 73.71 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇත.














