බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ජනතාව කොටස් වෙළඳපොළ ආයෝජන සඳහා යොමු කරවා ගැනීමට නම්, දැනට පවතින දැඩි “ආයෝජන අවදානම් අනතුරු ඇඟවීම්” පිළිබඳ නීති සංශෝධනය කළ යුතු බව එරට ආයෝජන ක්ෂේත්‍රය පවසයි. දැනට පවතින අනතුරු ඇඟවීම් මගින් ආයෝජකයන් බියට පත් වන බවත්, ඒ වෙනුවට ආයෝජනයක ඇති අවදානම සහ ප්‍රතිලාභ සමබරව පෙන්වන ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවත් නව වාර්තාවකින් පෙන්වා දී තිබේ.
G7 රටවල් අතරින් අවම පාරිභෝගික කොටස් වෙළඳපොළ ආයෝජන ප්‍රතිශතයක් පවතින්නේ බ්‍රිතාන්‍යයේ බවත්, එය එරට ආර්ථික වර්ධනයට බාධාවක් බවත් මූල්‍ය බලධාරීන් පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය රජය ද මේ වන විට උත්සාහ කරන්නේ අනවශ්‍ය රෙගුලාසි ඉවත් කරමින් ජනතාවගේ ඉතුරුම් කොටස් වෙළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමටයි.














