ඇමරිකානු භාණ්ඩ අනාගත වෙළඳ කොමිසම (CFTC) විසින් පාලනය කරනු ලබන ‘Kalshi’ නමැති ප්‍රෙඩික්ෂන් මාකට් ආයතනයට එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තය විසින් ගොනු කර තිබූ අපරාධ නඩුව තාවකාලිකව අත්හිටුවීමට ෆෙඩරල් විනිසුරුවරයෙකු ඊයේ (10) නියෝග කළේය. ෆෙඩරල් නීතියට අනුකූලව ක්‍රියා කරන ආයතනවලට එරෙහිව ප්‍රාන්ත මට්ටමින් අපරාධ නීතිය භාවිතා කිරීම භයානක පූර්වාදර්ශයක් බව CFTC සභාපති මයිකල් එස්. සෙලිග් පවසා සිටී.
මැතිවරණ ප්‍රතිඵල සහ විවිධ සිදුවීම් පිළිබඳව ඔට්ටු ඇල්ලීමට අවස්ථාව ලබා දෙන Kalshi, Polymarket සහ Robinhood වැනි ආයතන නියාමනය කිරීමේ පූර්ණ බලය පවතින්නේ ෆෙඩරල් රජය සතු CFTC ආයතනයට බව ට්‍රම්ප් පාලනය අවධාරණය කරයි. ඇරිසෝනා ප්‍රාන්තය විසින් Kalshi ආයතනයට එරෙහිව චෝදනා නගා තිබුණේ ඔවුන් නීතිවිරෝධී සූදු ව්‍යාපාරයක නිරත වන බවටයි.
මෙම අධිකරණ තීන්දුව ප්‍රෙඩික්ෂන් මාකට් ක්ෂේත්‍රයේ අනාගතයට ඉතා තීරණාත්මක වන අතර, ප්‍රාන්ත රජයන්ට ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් පවතින සම්ප්‍රදායික බලය මෙමගින් අභියෝගයට ලක්ව තිබේ. මේ වන විට ඇමරිකාවේ ප්‍රෙඩික්ෂන් මාකට් සහ ප්‍රාන්ත සූදු නියාමකයින් අතර පවතින්නේ දැඩි නීතිමය ගැටුමකි.














