සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය එළඹීමත් සමඟ වෙළඳපොළේ බුලත් සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් බුලත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වාර්තාවන අන්දමට මේ වන විට වෙළඳපොළේ බුලත් අතක මිල රුපියල් 400 සීමාවට ආසන්න වී ඇති අතර, සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ බුලත් අතක් රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වේ. පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බුලත් අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වීම ද මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.














