සිම්බාබ්වේ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක කාලයක් පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම තහනම හේතුවෙන් ඔහුට 2029 වසර දක්වා එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී ඔහු ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටියද, ඉන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මාන් වෙනුවට ඉන්දීය ප්‍රිමීයර් ලීග් (IPL) තරගාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ එක්වීමට ඔහු කටයුතු කර තිබුණි. ඇති කරගත් එකඟතාවන්ට ගරු නොකිරීම සහ ලීගයේ වෘත්තීය රාමුව උල්ලංඝනය කිරීම යන චෝදනා මත පාකිස්ථාන ක්‍රිකට් කවුන්සිලය මෙම දැඩි තීරණය ගෙන ඇති බව සඳහන් වේ.














