එක්සත් ජනපදය සහ ඉරානය හැකි ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බව පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම දෙවන වටයේ සාකච්ඡා පැවැත්වෙන නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාම කාලසීමාව සඳහා ලෙබනනය ද ඇතුළත් කර ඇති අතර සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලෙබනනයේ සාමය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.














