ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇති පිළිගැනීම වර්තමානය වන විට වේගයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අර්බුදකාරී වාතාවරණය මෙන්ම වර්තමාන මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇති ගෝලීය බලපෑම්වලට පවා ශ්‍රී ලංකාව ඉතා ස්ථාවරව මුහුණ දෙමින් සිටින බවයි. මෙවැනි ගෝලීය අභියෝග හමුවේ රට පවත්වාගෙන යන ස්ථාවරභාවය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














