කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දිනය අවසානයේ ඒකක 327.49ක සැලකිය යුතු වර්ධනයක් සටහන් කර තිබේ. මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.47ක ඉහළ යාමකි.
දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,588.97ක් ලෙස සටහන් වූ අතර, වෙළෙඳපොළේ දෛනික මුළු පිරිවැටුම රුපියල් බිලියන 5ක් ලෙස වාර්තා විය. ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යාම සහ ප්‍රධාන පෙළේ සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
මෙවර අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළ මෙලෙස සක්‍රීය මට්ටමක පැවතීම ආර්ථිකයේ සුබවාදී ලක්ෂණයක් ලෙස සැලකේ.














