ඉරාන යුද්ධය සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලියෝ XIV පාප්වහන්සේ සහ තමන් අතර පවතින මත ගැටුම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අලුත් ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී ඔහු හාස්‍යජනක ලෙස පවසා සිටියේ තමන්ට පාප්වහන්සේ සමඟ පෞද්ගලික අමනාපයක් නොමැති බවත්, පාප්වහන්සේගේ සහෝදරයා වන ලුවී (Louis) සිය දේශපාලන ව්‍යාපාරයේ දැඩි ආධාරකරුවෙකු (MAGA all the way) බවත්ය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ තමන් පාප්වහන්සේ සමඟ සටන් නොකරන නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවන බවයි. “ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගත හැකි බව පාප්වහන්සේ පවසනවා, නමුත් මම පවසන්නේ ඔවුන්ට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලබා ගත නොහැකි බවයි. පාප්වහන්සේ සමඟ එකඟ නොවීමට මට අයිතියක් තිබෙනවා” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පාප්වහන්සේගේ සහෝදරයා තමන්ට කැමති බව පවසමින් මෙම විවේචනය මෘදු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළ ද, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සහ වතිකානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පරතරය මෙම ප්‍රකාශයෙන් තවදුරටත් මතු වී පෙනේ.
තොරතුරු උපුටා ගැනීම: fox news ඇසුරින්













