ගිනිඅවියක් පෙන්වා කාන්තාවකට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළේය. මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙලෙස නිදහස් කෙරිණි. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවකට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා මත ඉලවාලෙයි පොලිසිය විසින් පසුගිය 27 වනදා මොහු අත්අඩංගුවට ගෙන තිබූ අතර එතැන් සිට අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
මෙම සිද්ධිය පසුගිය 25 වනදා වාර්තා වූ අතර එහිදී මන්ත්‍රීවරයා ගිනිඅවියක් අතැතිව අදාළ කාන්තාවට බිය වැද්දීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව නීති මගින් කටයුතු කළ පොලිසිය සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.













