මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ “ලොකු වැඩ කළ පුංචි මිනිසා” ලෙසින් නොමැකෙන නමක් සනිටුහන් කළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරුම අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසලදී චාම් අයුරින් පැවැත්විණි. 1993 වසරේ මැයි මස පළමුවැනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ ගුණ සමරමින් පවත්වනු ලැබූ මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතමිත්‍රාදීන් එක්ව සිටියහ.
එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ මෙම උත්සවයේදී හේමා ප්‍රේමදාස මහත්මිය සංවේදී අයුරින් අතීත මතකයන් සිහිපත් කළ අයුරු දැකගත හැකි විය. රටේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ දූරදර්ශී නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලාංකික ඉතිහාසයේ අදටත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.














