මැයි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
රටට සහ ජනතාවට සෙත් පතා සංවිධානය කර තිබූ මෙම ආගමික වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙවර මැයි දිනය වෙනුවෙන් දැවැන්ත රැලියක් වෙනුවට ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම පින්කම සංවිධානය කිරීමට පක්ෂය පියවර ගෙන තිබුණි.














