වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ (Crystal Meth) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 2කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.














