අස්වැසුම ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අත්වැරදීමකින් ද්විත්ව ගෙවීම් ලෙස ලබා දීම රජයේ මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සාක්ෂියක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. මෙය ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දැක්වූ වගකීම් විරහිතභාවයක් බවත්, මෙවැනි වරදකාරී ගනුදෙනු අනාගතයේදී දූෂණ චෝදනා යටතේ විමර්ශනයට ලක්විය හැකි බවත් එම සංවිධානය අවධාරණය කරයි.
නිලධාරීන්ගේ අතපසුවීම් හේතුවෙන් සිදුවූ මෙම අතිරික්ත ගෙවීම් මැයි මස දීමනාවෙන් අයකර ගැනීමට පියවර ගතහොත්, ඉන් රටේ අන්ත දිළිඳු ජනතාවගේ පෝෂණයට සහ මූලික අවශ්‍යතාවලට දැඩි බලපෑමක් එල්ල වන බව පෙන්වා දෙන එම සංවිධානය, මහා භාණ්ඩාගාරය පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යටතට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.














