මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වූ චෝදනා මත රාජාංගනයේ සද්ධාරතන හිමියන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි වන අයුරින් සහ මහජනතාව නොමඟ යන ආකාරයෙන් අදහස් දැක්වූ බවට ලද පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම විමර්ශන ආරම්භ කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සද්ධාරතන හිමියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.














