අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුද්ධය පිළිබඳව කලකිරීමට පත්ව සිටින බව ‘ද ඇට්ලන්ටික්’ (The Atlantic) වාර්තා පෙන්වා දෙයි. යුද්ධය අපේක්ෂිත කාලයට වඩා දිගු වීම හේතුවෙන් ඔහු මෙලෙස නොසන්සුන්ව සිටින බවත්, ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ චීනය සමඟ වන වෙළෙඳ සාකච්ඡා සහ සිය රටේ දේශීය දේශපාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට බවත් එම වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත්, ඉරානය ජනාධිපතිවරයාගේ කොන්දේසි මත සාකච්ඡා කිරීමට එකඟ නොවීම හේතුවෙන් ඔහුට දිගින් දිගටම මෙම යුදමය වාතාවරණයට මැදිවීමට සිදුව ඇත. මෙම යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් දැඩි ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ කළේ, “ඉරානය සමඟ කිසිදු ගිවිසුමක් ඇති කර නොගන්නා බවත්, ඇති එකම විසඳුම ඔවුන් කොන්දේසි විරහිතව යටත් වීම (Unconditional Surrender) පමණක් බවත්” ය.














